SexEducation
ඇතැම් කතුන්ගේ කන්‍යා පටලය සිඳී යන්නේ පළමු දරු ප්රසූතියේදීයි
වෛද්‍ය දයානි සිරිවර්ධන
මංගල යහනේ දී පිරිමින් ඉල්ලා සිටින කාන්තාවගේ පාරිශුද්ධත්වය තහවුරු කරන කන්‍යාභාවයට 21 වැනි සියවසේදීත් විශාල වටිනාකමක් හිමි වෙනවා. අතීතයේ පටන්ම කාන්තාවකගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීම සහ එය තිබිම හෝ නොතිබිම මත පවුල තුළ, සමාජය තුළ කාන්තාවට වටිනාකමක් හිමිවිය. වෛද්‍ය විද්‍යාවෙන් ලොව ජයගෙන ඇති වකවානුවක මෙවැනි යල්පැන ගිය මිනුම් දඬු, ආකල්ප සහ විසඳුම්වලින් කාන්තාවගේ පවිත්රත්වය මැන බැලීමෙන් ඇයගේ අනාගතය අඳුරට ඇද දැමීම කෙතරම් අනුවණ ද කියා සිතා බැලිය යුතුය. කාන්තාවන් අතරින් 20 කට ස්වභාවිකවම කන්‍යාභාවය නොපිහිටන බව වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා. එසේම කාන්තාවන්ගේ ශරීරයේ සිදුවන ස්වභාවික ක්‍රියාවලීන් හේතුපාදක කරගෙන ඇගේ පාරිශුද්ධත්වය මැන බැලීම කෙතරම් සාධාරණද යන්නත් අප විමසා බැලිය යුතුය.
කාන්තාවගේ බාහිර ලිංගේන්ද්‍රයේ යෝනි විවරය තුළ ඇති සියුම් පටලය ප්‍රශස්ථ රජ්ජුව (ඩ්රථඥද) නොහොත් කන්‍යාපටලය ලෙස වෛද්‍ය විද්‍යාවේ දී හඳුන්වනු ලබනවා. වෛද්‍යවරුන්ගේ සමීක්ෂණවලට අනුව පළමු ලිංගික සංසර්ගයේ දී කන්‍යා පටලය බිඳී රුධිර වහනයක් සිදුවන්නේ කාන්තාවන්ගෙන් 60 කගේ පමණකි. ඉතිරි 40 කගේ කන්‍යා පටලය පිහිටා තිබුණත් එය බිඳී යාමකට ලක් නොවෙන්නේ ස්වභාවික ක්‍රියාවලියන් මතය.
අතීතයේ දී සිංහල සමාජය තුළ කන්‍යා පටලය පරීක්ෂාවෙන් යුවතියන්ගේ පාරිශුද්ධත්වය මැන ඇයට පවුල තුළ වටිනාකමක් දීමට උත්සාහ කළ ද සිදුවන්නේ කාන්තාවට වටිනාකමක් හිමිවීම නොව ඇය සමාජය තුළ, පවුල තුළ අඩු සැලකිල්ලකට පාත්‍ර වීමයි. කන්‍යාවක් ලෙස අප හඳුන්වන්නේ විවාහයට පෙර කිසිදු පිරිමියකු සමග ලිංගික ක්‍රියාවලියක නොයෙදුනු ස්ත්‍රියකටයි. මනාලිය කන්‍යාවක්ද කියා සැකහැර දැන ගන්නේ මධු සමය දා පළමු ලිංගික එක්වීමේදී රුධිරය වහනය වීම මතය. එසේ නම් ස්වභාවිකව කන්යාපටලයක් පිහිටා තිබුණේ හෝ ස්වභාවිකව එය කැඩී ගිය යුවතියක කන්‍යාවක් නොවන්නේද? යන කරුණ ගැන අප මුලින්ම සිතා බැලිය යුතුය.
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍යායතනයේ ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍යායතනයේ ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය
වෛද්‍ය දයානි සිරිවර්ධන
ඇතැම් කාන්තාවන්ගේ කන්‍යා පටලය ඇදෙනසුලුය. මෙහිදී එය කිසිදිනක කැඩීයාමකට ලක් නොවේ. ඇතැම් කාන්තාවන්ගේ කන්‍යාපටලය සිඳී යන්නේ පළමු දරු ප්‍රසූතියේ දීය. නමුත් ලංකාවේ පොදු පිළිගැනීම වනුයේ එය පළමු ලංගික සංසර්ගයේදීම බිඳී යා යුතු බවයි. පොදු පිළිගැනීම එය වුවත් අප කතා කළ යුත්තේ එහි ඇති වැරදි වැටහීම පිළිබඳවය.
සමහර යුවතියන්ට උපතේම කන්යාපටලයක් නොපිහිටයි. බොහෝ විට ගැහැනු ළමුන් විවිධ ක්‍රීඩාවල යෙදීමේදී කන්‍යාපටලයට හානි වන අවස්ථාද තිබේ. ඒ අනුව වෛද්‍යවරුන්ගේ නිගමනය වන්නේ ලිංගික එක් වීමකින් තොරව කන්‍යාපටලය බිඳී යා හැකි බවයි.
එබැවින් අප සිතිය යුත්තේ කිසි දිනෙක ලිංගික ක්‍රියාකාරකමක යෙදී නැති “පිවිතුරු යුවතියක්ද” කියන කාරණය තීරණය කරන්නේ තවදුරටත් කන්‍යාපටලය හරහාමද කියන කරුණය. එය යුවතියකගේ අනාගතයම නිරපරාදේ විනාශ කරන්නට පුළුවන් කාරණාවක් වන්නට තිබෙන ඉඩකඩ වැඩිය.
මීට පෙර ද එසේ සිය මංගල දිනයේ දී කන්‍යාභාවය ඔප්පු කර ගැනීමට නොහැකි වූ යුවතියන් තමුන්ගේ ඉතිරි ජීවිත කාලය ප්‍රශ්න සමග ගත කිරීමට නොහැකි නිසා ජීවිතය හානිකර ගත් අවස්ථා ද වාර්තා වී තිබේ.
යුවතියක් විවාහ වනතුරු තමුන්ගේ ගෞරවය රැකගෙන සිටීම ඇයගේ වගකීමකි. එසේ නොමැතිව එය පවුලේ අය තීරණය කර ඇගේ ජීවිතය විනාශ කිරීම නොකළ යුතුය. මෙහිදී ගැහැනු දරුවන් වැඩිවියට පත් වූ අවදියේ පටන් කන්‍යාභාවය පිළිබඳ වැරදි ආකල්ප, සිතුවිලි මනස තුළට කාවද්දා ඔවුන්ගේ නිදහස සීමා කිරීමත්, විවාහය පිළිබඳව බිය ඇති කිරීමත් බොහෝ විට වැඩිහිටියන් විසින් සිදුකරන වැරදි ක්‍රියාවකි. එයින් සිදුවන්නේ ඇය කන්‍යාභාවය ගැන දිගින් දිගටම සිතා මංගල රාත්‍රියේ දී එසේ නොවීමෙන් ජීවිතය කලකිරවා ගැනීමය.
සිදුවිය යුත්තේ යුවතියකගේ කන්‍යාභාවය ඔප්පු කිරීම නොව දෙදෙනාගේ අනේයා්න්‍ය විශ්වාසය මත පදනම් වූ අවංක සාකච්ඡාවකට පිවිසීමය. තමුන්ගේ චරිතවත්භාවය පිළිබඳ පටලයෙන් එහා ගිය පුළුල් දැක්මක් ඇතිකර ගැනීම වැදගත් වෙයි.
පිළිගත් වෛද්‍යවරයකු හමු වී කන්‍යාපටලය බිඳී නොයෑමට හේතුව සොයා බැලිය හැකිය. එමගින් ඇගේ නිවැරදිභාවයද ඔප්පු කරගත හැකිය.
එමෙන්ම වර්තමානයේ දියුණු තාක්ෂණයක් යටතේ ඉතා සියුම් ශල්‍යකර්ම මගින් අහිමි වී ගිය කන්‍යාපටලය නැවත සකස් කර ගැනීමටද හැකියාව පවතී. ඒ නිසා මෙවැනි ආකල්ප මත යැපීම අනුවන ක්‍රියාවකි. නමුත් යුවතියකට වඩාත් වැදගත් වන්නේ කන්‍යාපටලය තිබිමය. එයින් ලෙඩරෝගවලින් ඇයට ආරක්ෂාවක් සැලසේ. එමෙන්ම තමුන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට ද යුවතියන්ට හික්මීමක් ඇතිවේ. එනමුත් යුවතියකගේ චරිතවත් බව, පාරිශුද්ධත්වය මෙවැනි වටිනාකමක් නැති සියුම් පටලයකට භාර දීම වරදකි. අනුවනකමකි.
Wmqgd .ekSu ��r mqj;am; weiqfrks